ඉන්දීය සංචාරය නොවැම්බරයේදී , රංගනත් පසුබසියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 24 වනදා දක්වා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 5ක් සහ එක් පන්දු වාර 20යි 20 තරගයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග කොල්කටා, නවදිල්ලි සහ නාග්පූර්හී දී පැවැත්වෙනු ඇති.

නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සමත්වී සිටිනවා.

ඒ, ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්. එම තරගයට පෙර මැතිව්ස් පසුවුණේ 19 වන ස්ථානයේයි. නවතම ශ්‍රේණිගත කිරීමේ ඔහු 17 වන ස්ථානයේ පසුවනවා.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ද ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 36වන ස්ථානයට පත්ව තිබෙනවා. පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තවදුරටත් හිමිව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත්ටයි. 

මේ අතර නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 03ක් ඉදිරියට පැමිණීමට නුවන් ප‍්‍රදීප් සමත් වී තිබෙනවා.

මේ වනවිට ඔහු පසුවන්නේ 30 වන ස්ථානයේයි. කෙසේ වෙතත් අංක 02 ස්ථානයේ සිටි රංගන හේරත් එක් ස්ථානයක් පසුබැස ඇති අතර ඔහු දැන් තුන්වන ස්ථානයේ පසුවනවා.

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තවදුරටත් හිමිව ඇත්තේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඬේජාටයි.  

cricket rsa lka test e793537c d1aa 11e6 a11a def9b3756538 - ඉන්දීය සංචාරය නොවැම්බරයේදී , රංගනත් පසුබසියි

error: