ඕස්ට්‍රේලියානු පිලටත් ගල් ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බස් රථයකට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවෙයි.

පසුගිය සඳුදා රාත්‍රියේ තරඟය නිමාවී ඔවුන් නැවතී සිටි හෝටලය බලා ගමන් කරන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වූ බව එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුට අනතුරක් නොවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂක කළමණාකරවරයා තහවුරු කරයි.

සිද්ධියෙන් බස් රථයේ වීදුරුවකට හානි වී තිබේ.

බංගලාදේශ බළධාරීන් මෙම සිදුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇති අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීමටද කටයුතු කොට තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම බරපතල ලෙස නොගන්නා බවත් දැනට තිබෙන ආරක්ෂක තත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බළධාරින් සඳහන් කර ඇත.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: