ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ජනවාරියේ ප්‍රකාශයට

ශ්‍රීලංකා ක්‍රිකට්   කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලබන ජනවාරි 01 වන දින සිට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පවසනවා .එමෙන්ම ප්‍රධාන පහුණුකරු තනතුර සදහා වත්මන් පහුණුකරු නික් පොතාස් ඇතුළුව 05 දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති බව සදහන් .

එමෙන්ම අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය අද පැවැත් වීමට නියමිතයි . සම්මාන උළෙල බත්තරමුල්ලේ දී අද පස්වරුවේ පැවැත්වෙන අතර එහි විශේෂ ආරාධිතයෙකු ලෙස 1983 වසරේ ලෝක ශූරතාව දිනා ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කපිල් දේව් සහභාගී වීමට නියමිතයි.
පසුගිය වසරේ ජූනි මාසයේ සිට මෙම වසරේ ජූනි මාසය දක්වා ක්‍රිකට් පිටියේ දැක් වූ දස්කම් වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනමනු ඇති.
මෙවර සම්මාන උළෙලේ දී පිරිනැමීමට නියමිත සම්මාන සංඛ්‍යාව 59ක්.

 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: