ක්‍රිකට් සභාපතිත් ඉවත්වන ලකුණු.

සනත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලු සාමාජිකයින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටු අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය  බාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුවට පසුගිය සමයේ විවේඡන එල්ල වූ අතර ක්‍රීඩකයන් තොරාගන්නා ආකාරය පිළිබඳව ක්‍රිකට් රසික බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වුණා.

මේ හේතුව නිසා කළකිරීමට පත්ව ඔවුන් ඉල්ලා අස්වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

පසුගියදා ඉන්දියාව සමග පැවති තරඟයේදී ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කළකරීමෙන් යුතුව අදහස් දැක්වූ සනත් වෙනත් රටක පිරිසක් ඉදිරියේ තමන්ගේම රටේ පිල ලැජ්ජාවට පත්කිරීම අතිශයින්ම පිළිකුල් සහගත බව ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ජයසූරිය ඉල්ලා අස්වීමත් සමග ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලද ඇතැම් විට සිය ධූරයට සමුදෙනු ඇතියි ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තාවනවා.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: