කාසිය වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක් දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චාමර කපුගෙදර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් නිත්‍ය නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූවා.

ඒ අනුවයි චාමර කපුගෙදරට නායකත්වය හිමි වුණේ.

ඔහු ශ්‍රී ලංකා එක් දින කණ්ඩායම වෙනුවෙන් නායකත්වය හිමි කරගත් විසි වන ක්‍රීඩකයා වනවා.

අද තරගයට උපුල් තරංග  හා ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකිරීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ක්‍රීඩා කරනවා.

මේවනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලු 2 දැවී ලකුණු 65ක් ලබා සිටී

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: