කෑම වේල මගහැරියොත් ඔබේ හදවත ලෙඩ වෙයි

කෑම වැදගත් වෙන්නෙ කොහොමද? බඩගින්නට අපි කුසගින්න, සාගින්න වගේ වචනත් පාවිච්චි කරනවා. ජිඉවත් වීමට ආහාර අත්‍යාවශ්‍ය දෙයක් බව එයින් හැගුනද අප ආහාර ගන්නේ ජීවත් වීමට මිස, ජීවත් වන්නේ අහාර ගැනීමට නොවන බව සිහි තබා ගත යුතුය. ඒ නිසා අප මොකක් හරි කෑමක් කොහොම හරි කනවා වෙනුවට ගුණදායී ආහාර රටාවකට පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නෙ අහිතකර ආහාර රටාවකින් අයින් වෙලා තමන්ට හිතකර ආහාර රටාවකට පුරුදු වෙන්න ඕනෙ.

මොකක්ද මේ ආහාර රටාව කියන්නේ? අපි කන කෑම වර්ගය, ප්‍රමාණය, කෑම කන වෙලාව, ඒවයේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වී අනුගමනය කරන පිලිවෙතයි. මේ දේවල් තීරණය කරන සාධක ගොඩාක් තියෙනවා. උදේට රජකු මෙන් ආහාර ගත යුතු බවද, දවල්ට සාමාන්‍ය අහාර වේලක් ගත යුතු බවද, රෑට හිගන්නකු මෙන් ආහාර ගත යුතු බවද අපේ කතා වල දැක්වෙනවා.

උදේ ආහරය නොගත්තොත් අපිට මොනවා වෙයිද? සමාජයේ බොහො පිරිස් කියන්නෙ අපිට ශරියට ආවශය පෝෂණය අඩු වෙනවා කියලා. එහෙත් ඔබ නොදත් කරුණක් මේ වෙනකොට සොයාගෙන තිබෙනවා එනම් ඔබ උදේ ආහාරය නොගන්නේනම් සහා ඔබට වෙලා නැති වීමෙන් ඔබ උදේ ආහාරය නොගෙන සිටින්න පුළුවන්.ශරීරයේ ධමනි ඇතුලත ඝන වීමේ රෝග තත්වය හෙවත් Atherosclerosis තත්වයට ඔබට ගොදුරු විය හැකියි .මේ බව සොයාගෙන තිබෙන්නේ ඇමරිකාවේ මවුන්ට් සිනායි හෘද රෝහලේ අද්‍යක්ෂක මහාචාර්ය valentin fuster විසින්  කරන ලද අධ්‍යනයකින් . මේ අධ්‍යනය පිළිබද තොරතුරු Journal Of the Amerian College of Cardiology හි පලවනවා .

මෙම පරීක්ෂණය සදහා පුද්ගලයන් 4052  ගේ දත්ත  රැස් කරගෙන තිබෙනවා .ඉන් පසු මේම  පුද්ගලයන් කොටස් තුනකට බෙදා තිබෙනවා .පළමු කොටසට උපදෙස් දුන්නා උදේ ආහාරය මගහරින ලෙසත් දෙවැනි කණ්ඩායමට උදය කෑමට  ඉතා අඩු කැලරි සහිත ආහාර  ගන්නා ලෙසත් තුන්වැනි  කණ්ඩායමට ඉතා  පෝෂදායි වැඩි ආහාර වේලක් ගනු මෙන් උපදෙස් ලබා දී තිබෙනවා .

ඉන් පසු අවුරුද්දකට  පමණ පසු මේ අය ගේ  ධමනිවල පරිෂණයක් කිරීමට භජනය විය. ඒයින් මුල් කාලයේදී කිසිවෙකුට Atherosclerosis වලට ගොදුරු වී සිටියේ නැහැ .එහෙත් උදේ ආහාරය සම්පුර්ණයෙන් මගහැරපු පුද්ගලයන්ගේ  බහුතරයකට Atherosclerosis වැලදී තිබු බවයි . උදේ ආහාරය හොදින් ගත්  පුද්ගලයන් මෙම රෝගයට ගොදුරු වී අඩු බවයි .අඩු කැලරි  ආහාර ගත් අය මෙම රෝගයට  ගොදුරු වීම මැද තත්වයේ සිටින බවයි .

 

 

 

අපි නිරෝගීව හිටියාම ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. නිරෝගීකම රැකගන්න හොඳ  ගුණදායී ආහාර රටාවක් පවත්වා ගැනීම අනිවාර්යයි.

මෙය ඔබේ යාළුවන්ටත් දෑනගන්න share කරන්න ඔබේ අදහස් යටින් comment කරන්න.

error: