ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයග්‍රාහණයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයග්‍රාහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.මේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරඟයක් ජයගැනීම සඳහා හඹාගොස් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

ජයග්‍රාහණය කිරීම සඳහා දෙවන ඉනිමේදී ලකුණු 388 ක  ඉලක්කයක් හඹාගියා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී සිටියදී එම ඉලක්කය පසු කළා.

ටෙස්ට්  ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ජයග්‍රාහනය කිරීම සඳහා හඹාගොස් ගොස් ලබාගත් 5 වන ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසු පැවති පළමු තරඟයේම ඔහුගේ නායකත්වය යටතේ ජයග්‍රාහනය කිරීම විශේෂත්වයක්.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: