තිසර කණ්ඩායමට ජය ගෙනෙයි

ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම අතර ලාහෝරයේදී ඊයේ (13) පැවති 20යි 20 ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක ජය අත්කර ගැනීමට ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

ලෝක කණ්ඩායම නියෝජනය කළ ශ‍්‍රී ලංකාවේ තිසර පෙරේරා ලකුණු 23කට කඩුලු 02ක් බිඳ හෙලූවා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදී කඩුලු 03කට ලකුණු 175ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

දස්කම් දැක්වූ තිසර පෙරේරා පන්දු 19කදි ලකුණු 47ක් රැස් කළා. ඒ, හයේ පහර 05ක් ද සමගයි.

හෂිම් අම්ලා පන්දු 55කදි නොදැවී ලකුණු 72යි. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමි වුණා.

තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය පාකිස්ථානය ජය ගත්තා.  මේ වනවිට එකට එකක් ලෙස තරගාවලිය සම මට්ටමට පත්ව තිබෙනවා.

 

thisara - තිසර කණ්ඩායමට ජය ගෙනෙයි

 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: