දයාසිරිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හෙළිදරව්වක්

> බංගලාදේශයටත් පැරදුනා සිම්බාබ්වේටත් පැරදුනා මොකද වෙන්නෙ මේ ක්‍රිකට්වලට

“මම ඉතිං කියපු  ඒවා… මට ගහපු එකනෙ කළේ… මට කියන්න තියෙන්නෙ දැන්වත් ඔක්කොමලා එකතුවෙලා නිවැරදි තැනකට මේ කණ්ඩායම පත් කරන්න කියලා. අපිට දක්ෂතාවය තියෙනවා. හැකියාව තියෙනවා. දැන් ඒ සියල්ල හරි. මොකක් හෝ අවාසනාවක් ඒක ඇතුළෙත් තියෙනවා. මම අර කියපු කාරණේ ගැනත් ටිකක් හිතන්න කියල තමයි මම ආපහු කියන්නෙ. මොකද හේතුව අපි විසි දෙනෙකුගේ කණ්ඩායමක් අත්සන් කෙරුවා ආබාධ නිසා හතර දෙනෙක් දවසින් දවස ආපහු අත්සන් කරන්න වුණා. මේවා ගැන මීට වැඩිය හොදට බැළුවොත් හොදයි කියල තමයි මම විශ්වාස කරන්නෙ.”

> පරාජයට හේතුව ක්‍රීඩකයො ද පාලකයොද පාලක මණ්ඩලය ද නැත්නම් වෙන කවුරුහරිද?

“නෑ ඉතිං අපි සියලු දෙනාම වගකීම භාරගන්න ඕන. කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ. මම ඉදලා, සභාපතිතුමා ඉදලා සියලුම ක්‍රීඩකයෝ, පරිපාලනය මේකට වගකීම භාර ගන්න ඕන. දැන් නැවත අළුතින් හිතන්න තරම් තැනකට අපිව තල්ලුවෙලා තියෙන්නේ. අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන කියලයි මම කියන්නේ.”

error: