පළමු ජය පකිස්ථානයට

ශ්‍රීලංකාව සමග පැවතිපළමු 20 යි  20 තරගයෙන් කඩුලු 7ක්  ජයක් ලබාගැනීමට  පකිස්ථාන කණ්ඩායම සමත් උවුනා.

අබුඩාබිහිදී පැවැති තරගයේ කාසිය වාසිය දිනු පකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට  පහර දුන්  ශ්‍රීලංකාව  පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා   ලකුණු 102 රැස් කලා.

එහිදි සීක්කුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 23ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේදී හසන් අලී කඩුළු 3ක් බිඳහෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 16ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 42 යි.

පන්දු යැවීමේදී විකුම් සංජය ලකුණු 20 කට කඩුළු දෙකක් බිඳහෙලුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරඟය අද රාත්‍රී 9.30 ට අබුඩාබිහීදිම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රීලංකා පන්දුවාර  විස්සයි විස්සයි  සංචිතය .

1. Thisara Perera – Captain
2. Dilshan Munaweera
3. Danushka Gunathilaka
4. Sadeera Samarawickrama
5. Ashan Priyanjan
6. Mahela Udawatte
7. Dasun Shanaka
8. Minod Bhanuka
9. Sachith Pathirana
10. Vikum Sanjaya
11. Lahiru Gamage
12. Seekkuge Prasanna
13. Vishwa Fernando
14. Isuru Udana
15. Jeffrey Vandersay
16. Chaturanga de Silva

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: