පුහුණු තරඟයේ දෙවන දිනය අද

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියළු දෙනා දැවී ලකුණු 187 ලබාගත්තා.

පිතිකරනයෙන් දනුෂ්ක ගුණතිලක ලකුණු 74ක් ලහිරු තිරිමාන්න ලකුණු 59ක් සහ රොශේන් සිල්වා නොදැවී ලකුණු 29 ලබාගත්තා.

ඉන්දියානු කන්ඩායමේ පන්දු යවන්නන් වන අශ්වින් සහ යාදෙව් කඩුලු 2 බැගින් ලබාගත්තා.

දෙවනුව පන්දුවට පහර දුන් ඉන්දියානු කන්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 135 ලබා සිටී.

ලොකේශ් රාහුල් ලකුණු 54ක් නොදැවී ක්‍රීඩා කරන විරාත් කෝලි ලකුණු 34ක් සහ නොදැවී ක්‍රීඩා කරන රහානී ලකුණු 30ක් මේ වනවිට ලබා සිටී.

ශ්‍රී ලංකා කන්ඩායමේ පන්දු යවන්නන් වන ලහිරු ගමගේ සහ කසුන් රජිත කඩුලු 1 බැගින් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා කන්ඩායම

sl - පුහුණු තරඟයේ දෙවන දිනය අද

ඉන්දියානු කන්ඩායම

in - පුහුණු තරඟයේ දෙවන දිනය අද

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: