රවීන්ද්‍ර ජඬේජා ට තුන් වන තරගය අහිමිවේ ,ඉන්දියාවට ජය

අද අවසන් වූ ශ්‍රී ලංකා, ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානය දිනා ගත් ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඬේජා හට තරග තහනමක් පනවා තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී ඔහු අයි.සී.සී නීති රිතී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව, ශ්‍රී ලංකාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට්  තරඟය ඔහුට අහිමි වනු ඇති.

එමෙන්ම අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සමග එස් එස් සී පිටියේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණු 53ක ජයක් වාර්තා ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ අනුව තරග 03කින් සමන්විත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී 02ට බින්දුවක් ලෙස ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා. 

ගාල්ලේ පැවති තරගය මෙන්ම මෙම තරගයද නිමාවට පත් වුයේ දින 04කින්. 

ඉන්දීය කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 622ක් රැස් කළා. 

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට පිළිතුරු වශයෙන් පළමු ඉණිමට රැස් කර ගති හැකි වූයේ ලකුණු 183ක් පමණයි. 

ඒ අනුව, ඉණිමක පරාජයෙන් බේරීමට යලි දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකාවට එහිදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 386ක් පමණයි. 

ඒ අනුව, ඉණිමක පරාජයෙන් බේරීමට යලි දෙවන ඉණිම ඇරඹු ශ්‍රී ලංකා ඉණිම ලකුණු 386කට සීමා වුණා. 

ශ්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 141ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 110ක් රැස් කළා. 

රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයේදී කඩුලු  07 බැගින් දවා ගැනීම විශේෂත්වයක්. 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: