වසර විසි හතරකින් මෙලොව එළිය දකියි (Woman delivers baby from 24-year-old frozen embryo)

හරි අපුරු පුවතක් ඇමරිකාවෙන් වාර්තා  වුණා ඒ වසර විසි හතරකින් මෙලොව එළිය දැකපු පුංචි බබෙක් ගැන. මෙම සිදු වීම ලෝකේ වැඩිම කාලයක් සංරක්ෂිත ව තැබූ කලලයෙන් දරුවෙක් බිහි වීමයි.

මිට පෙර දිගු ම සංරක්ෂිත කලලය ලෙස වාර්තා වී තිබුනේ වසර 20ක් වයසැති කලලයකි.

ඇමරිකාවේ ටෙන්සීහි දී  මේ දරු උපත සිදු වූ අතර මේ කලලය  නළ දරු උපත්  සායනයකට යොමු වූ දායක මාපියන් යුවලකට අයත් 1992 වසරේ ඔක්තෝබර් 04 වැනි දා සිට වසර 24ක් අධී ශිත තත්ත්ව යටතේ සුරක්ෂිතව තැන්පත් කර තිබුණක් විය.මෙම කලලය තැම්පත් කෙරුණේ ටීනා ගිබ්සන්  නම් මවක ගේ ගර්භාෂයෙහි ය. ඇය ඉපදී තිබෙන්නේ මේ කලලය නිර්මාණය කෙරුණු 1992 වසරට පෙර වසරේ දී වීම ද  මේ කතාවේ විශේෂත්වයයි. එනම් වසර 24ක් වයසැති මේ කලලයට උපත දුන් මවගේ වයස මේ වෙනකොට අවුරුදු 25කි.

මෙහිදී කලලය  සහා  ටීනා ගේ වයසයි ගැන මෙවැනි කතාවක් පවසනවා “එක අතකට අපි ළග වයස්වල යාළුවො දෙන්නෙක් වගේ ” යනුවෙන් පවසා ඇත. ඉපදුණු දැරියට නම් තබා ඇත්තේ එමා රෙන් ගිබ්සන් යනුවෙනි. 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: