ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2019 අයි.සී.සී. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන්.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබන්නේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 08 තුළ රැඳී සිටින කණ්ඩායම්.

ඒ අනුව ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ පළමු ස්ථාන අටේ පසුවන කණ්ඩායම් පමණයි.

ඒ අනුව, මේ වනවිට 08 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යාමට නම් කොදෙව් කණ්ඩායම එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 05ට බින්දුවක් ලෙස හෝ 04ට බින්දුවක් ලෙස ජය ගැනීමට අවශ්‍යව තිබුණා.

කෙසේවෙතත් ඊයේ එංගලන්තය හමුවේ ලැබූ කඩුලු 07ක පරාජය හේතුවෙන් කොදෙව්වන්ට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තවත් සුදුසුකම් ලබාගැනීමේ තරගවටයකට මුහුණ දීමට සිදු වනවා.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: