ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් බංග්ලාදේශයට

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමගින් බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දී දිවයිනෙන් පිටත්ව යනවා.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයන් අදාළ තරග සංචාරයට පෙර ඊයේ පස්වරුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල ද නිරත වුණා.

තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන 17 වනදා පැවැත්වෙනු ඇති.

බංග්ලාදේශය සමඟ පළමු තරගය 19 වනදා ධකා අගනුවර දී පැවැත්වෙනවා.

කණ්ඩායමේ උපනායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබෙනවා.

උපුල් තරංග / ධනුෂ්ක ගුණතිලක / කුසල් මෙන්ඩිස් / කුසල් පෙරේරා / තිසර පෙරේරා / අසේල ගුණරත්න / නිරෝෂන් දික්වැල්ල හා සුරංග ලක්මාල් යන කී‍්‍රඩකයින් ශ‍්‍රී ලංකා සංචිතයට ඇතුලත්.
නුවන් ප‍්‍රදීප් / දුෂ්මන්ත චමීර / ෂෙහාන් මධුසංඛ / අකිල ධනංජය / ලක්ෂාන් සදකැන් හා වනිදු හසරංගද සංචිතයට එක්කර තිබෙනවා.

මෙම තරගාමාලාව අරඹමින් ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පලමු එක්දින තරගය ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ සහභාගී වන පළමු තරගාවලිය බංග්ලාදේශයේදී වීම විශේෂත්වයක්.

ඒ, චන්දික හතුරුසිංහ මහතා 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමයි.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: