හදවත් හා ස්වසන වේගය බැලීමට Drone යානාවක් (Medical Drones)

දිනෙන් දින තාක්ෂණය දියුණු වෙමින් පවතින ලෝකය තුළ තාක්ෂණයේ  දියුණුවත් සමගාමිව අනිකුත් ක්ෂේත්‍රයන් දියුණුවෙමින් පවතින බව ඔබ දන්නවා ඇති .  ඉතින් මේ වෙනකොට  සෞඛ්‍ය ක්ෂේත්‍රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුනා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පැති කඩවල් වලට  තාක්ෂණය  මේ වනකොට යොදා තිබුනත් මේ  කියන්න යන දේ ඔබට බොහොමයක් වැදගත් වෙයි .   මේ වනකොට  බොහොමයක් රටවල් වල Drone යානා මගින් විවිද දේවල් කරමින් පවතිනවා භාණ්ඩ හුවමාරු වැනි නොයකුත් දේවල් Drone යානා මගින් මේ වෙනකොට සිදුකරනවා .

ඉතින්  දකුණු ඕස්ට්‍රේලියාවේ පර්යේක්ෂකයන් පිරිසක් විසින් හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි Drone යානාවක් නිපදවීමත් සමත් වෙලා තිබෙනවා .

ආරෝග්‍යශාලා,සාත්තු නිවාස සහ යුද කලාප තුළ මෙම Drone යානා යොදා ගත හැකි අතර මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම් නිරීක්ෂණයෙන් හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව මැනගත හැකිය වද තිබෙනවා .විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත. 

නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත්  නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ.

මෙහෙ දී ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ Drone යනාවෙන්  ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීප දෙනෙකුගේම  හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකියාව ඇති බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

medical drones 1 - හදවත් හා ස්වසන වේගය බැලීමට Drone යානාවක් (Medical Drones)

යම් පුද්ගලයෙකු අනතුරට පත් වූ අවස්ථාවක වෛද්‍යවරයෙකුට ඒ ස්ථානයට ළඟා විය නොහැකි විට මෙය ආරක්ෂක විකල්පයක් ලෙස ද යොදා ගත හැක. සාගර වැනි ස්ථානවල කරදරවලට මුහුණ දුන් අය වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ළඟා විය හැකි නිසා මෙය අවස්ථාවෝචිතව යොදාගත හැක.

ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සම්බන්ධ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් මහතා පවසන්නේ  වෛද්‍ය විද්‍යාවේ දියුණුවට තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි. 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: