ශ්‍රී ලංකාව තරග 11ක් අඛණ්ඩව පරාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ලැබූ 11වන එක්දින තරග පරාජයට ද ඊයේ මුහුණ දුන්නා.

ඒ පාකිස්තානය සමග පැවැති 4වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම කඩුලු 7කින් පරාජයට පත් වීමත් සමගයි.

සාජා හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 173ක් පමණයි.

ළහිරු තිරිමාන්න 62යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 4ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.

එමෙන්ම ඊයේ දිනයේ හි ලහිරු තිරිමාන්න එක් දින  අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. hairu thirimanna 300x300 - ශ්‍රී ලංකාව තරග 11ක් අඛණ්ඩව පරාජයට

 

error: