2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දින නියම කරයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

තුන් කොන් තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි. 

ශ්‍රී ලංකාවේ 70වන නිදහස් සැමරුම  නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධාන කෙරෙනවා. ලබන වසරේ මාර්තු මස 8වනදා සිට 20 වනදා දක්වා මෙම තරගාවලියේ සියලූ තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම තරගාවලිය පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

එමෙන්ම ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර කොල්කටාහි පැවැත්වෙන පළමුවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය අදයි. 

ඊයේ දිනයේත් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, දිනය අවසන දී පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියා. 

සුරංග ලක්මාල් ලකුණු 5 කට කඩුලූ 3 ක් බිඳ හෙලූ අතර, දසුන් ශානක ලකුණු 23 කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත්වුණා.

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: