If you eat Mushrooms ( හතු කෑවොත් මොකද වෙන්නේ )

බොහෝ පිරිසක් කෑමට කැමති ආහාරයක් තමා හතු (Mushrooms) කියන්නේ.විවිධ පුද්ගලයන් විවිධ අයුරෙන්  හතු වලින් කෑම සාදන බව ඔබ දන්නවා ඇති. එහෙත් ඔබ දැන සිටියද  හතු කෑවොත් මොනවද වෙන්නේ කියලා

හතු (Mushrooms) ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලද හැකි බව නවතම සොයාගැනිමකින් හෙළි වී තිබෙනවා  මේ සොයාගැනීම සිදු කර ඇත්තේ ඇමෙරිකාවේ Penn රාජ්‍ය විශ්ව විද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබද මහාචර්ය Robert Beelman ඇතුළු පිරිස විසින්ය.Mushroom biryani - If you eat Mushrooms ( හතු කෑවොත් මොකද වෙන්නේ )

මේ සොයාගැනීම පිළිබද තොරතුරු Food Chemistry ජර්නලයේ නවතම කලාපයේ පලවෙනවා අතර  මහාචර්ය Beelman පවසන පරිදි හතු ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ හිමි වෙන්නේ ඒවා සතු ප්‍රතිඔක්සිකාරය  ගුණය නිසාය.හතුවල Ergothioneine හා Glutathione යන ප්‍රතිඔක්සිකාරක  දෙවර්ගය බහුලව අන්තර්ගත වන බව ඔහු පෙන්වා දෙනවා. විවිද හතු විශේෂ අනුව මේ දෙවර්ගය ඇති ප්‍රමාණය වෙනස් විය හැකියි.

අපේ ශරීරයේ ශක්තිය නිපදවෙද්දී ආහාර ඔක්සිකරණය සිදු වෙනවා. ඒ සමග ම මුක්තඛණ්ඩක නිදහස් වෙනවා මේ මුක්තඛණ්ඩක ෛසලවලට විෂ සහිත නිසා  මුක්තඛණ්ඩකවල හානිකර ක්‍රියාව පාලනයට  යාන්ත්‍රණ තිබෙනවා. ඒ එක්  යාන්ත්‍රණයක්  වෙන්නේ ප්‍රතිඔක්සිකාරකයි. ඒසේ පවසනුවේ  Beelman විසිනි . යම් කෙනෙකු  ආහාරයට ප්‍රතිඔක්සිකාරක ලබාගත හැකිනම් ඔහුට හෝ ඇයට දීර්ඝායුෂ ලැබීය හැකි බව Beelman සදහන්    කරනවා. ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක දෙකක් ම සතු හතු ආහාරයට ගැනීමෙන් පිළිකා ,හෘද රෝග හා ඇල්ෂයිමර් රෝග අවදානම පාලනය හැකි බව ඔහු පවසනවා.

ඉතින් දැන් ඔබට පැහැදලි ඇති හතු කෑමෙන් වෙන දේ

Facebook Comments

comments

4 thoughts on “If you eat Mushrooms ( හතු කෑවොත් මොකද වෙන්නේ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: