IPL අද සිට

11 වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (07) ආරම්භ වනවා. 

එහි පළමු තරඟය පැවත්වෙන්නේ පසුගිය වර තුන් වන වරටත් ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. 

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි පිළේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනයි. 

ශ්‍රී ලංකා ක්‍රීඩක අකිල ධනංජය ද මුම්බායි පිළ නියෝජනය කරන අතර, එහි පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග ද එක්වනවා. 

ඔහු අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුළුලාභියායි. 

ඔට්ටු තැබීමේ චෝදනා හේතුවෙන් වසර 02ක් තහනමකට ලක්ව සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර පිටියට පිවිසෙන්නේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන්. 

8 වන අයි.පී.එල්. තරගාවලියේ සමාරම්භක උත්සවය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද සන්ධ්‍යාවේ පැවැත්වෙන්නේ බොලිවුඩ් සුපිරි තරුවල සහභාගීත්වයෙන්