Wireless charging Mouse Pad System

Wireless Mouse දැනටමත් ඔයාලා පවිස්ච්චි  කරනවා  ඇති .අතීතයේ පැවති Wireless Mouse උපාංග වල තිබූ දුර්වලතාවන් අතර සාපේක්ෂව රැහැන් සහිත මවුස් උපාංග වලට වඩා ප්‍රතිචාර කාලය අඩුවීම සහ කෙටි කාලයක් පවතින බැටරි කාලය දැක්විය හැක. විශේෂයෙන්ම අතීතයේ තිබූ Wireless Mouse උපාංග වියළි කෝෂ මගින් ක්‍රියාත්මක වූ අතර, නිරන්තර භාවිතයේදී ඉතා ඉක්මනින් බැටරි බැස යෑම ගැටළුවක් බවට පත්විණි. කෙසේ හෝ පරිගණක ආදාන හා ප්‍රතිදාන උපාංග නිෂ්පාදන තාක්ෂණය දියුණු වීමත් සමගින් මෙම ගැටළු දෙකම සාර්ථක අන්දමින් විසඳිණි.

powerplay wireless charging system 300x197 - Wireless charging Mouse Pad System

සාමාන්‍යයෙන් අපි  එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිත වන Wireless Mouse එකට  බැටරි එක් වරක් දැමූ පසුව වසරක් පමණ එක දිගට භාවිත කළ හැකි පරිද්දෙන් බැටරි ආයුකාලය දීර්ඝ වී ඇත වසරක් කිවුවට ඔයාලා පාවිච්චි කරන අන්දමට ආයුකාලය වෙනස් වෙන්න පුළුවන්  . එනමුත් ගේමින් මවුසයක් සාමාන්‍ය මවුසයකට වඩා බලශක්තිය භාවිත කරමින් ක්‍රියාත්මක වන නිසා තවමත් වැඩි කාලයක් පවතින ලෙසින් බැටරි ආරෝපණය තබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. මේ නිසා මෙම ගැටළුවට පිළියමක් ලෙස හදුන්වා දෙන Logitech Power play මවුස් පෑඩ් උපාංග කට්ටලය වෙළෙඳ පොළට පැමිණෙන්නේ එම ගැටළුවට විසඳුමක් ලෙසිනි.
powerplay wireless charging system 1 300x197 - Wireless charging Mouse Pad System
මෙම උපාංගය බැලූ බැල්මට සාමාන්‍යය Mouse Pad ලෙසින් දිස්වන අතර, එය Wireless Mouse බැටරි ආරෝපණය කරනා දෘඩාංගයක්ද සමගින් සංයුක්තව පැමිණ තිබේ. මෙම උපාංගය භාවිත කිරීම මගින් ඔබට Wireless Mouse ගේමින් මවුසය භාවිත කරන අතරේදීම එය ආරෝපණය කරගැනීමට හැකියාව ලැබේ.
 
Game paly කරන ඔයාලට නිරන්තරයෙන්ම  Mouse එක  ආරෝපණය වෙමින් පවතින නිසාවෙන්, කිසිවිටෙකත් ක්‍රීඩා කරන අතරතුරදී බැටරි බැස නොයන බැවින් අපහසුතාවත් ඇතිවන්නනේ නැත. අඟල් 10.8 x 12.6 ක දිගින් හා පළලින් යුක්ත මෙම Logitech Power play Mouse Pad සාමාන්‍ය පරිශීලකයෙකුට මෙන්ම පරිගණක ක්‍රීඩා ලෝලියෙකු හටද මවුසය හැසිරවීමට ප්‍රමාණවත් අවකාශයක් ලබාදෙනු ඇත. මෙය මවුස් පෑඩයට ස්ථාපනය කොට ඇති විශේෂිතව සැකසූ විද්‍යුත් චුම්භක සම්ප්‍රයුත්ත පද්ධතියක් හා පැමිණෙන නිසාවෙන්, ඒහා ගැළපෙන ඕනෑම power core එකක් ඇති මවුස් උපාංගයක් හෝ ගැළපෙන Power coreඑකක් ඇති වෙනයම් Logitech උපාංගයක් මවුස් පෑඩය මතට පැමිණි විට ස්වයංක්‍රීයව හඳුනාගනිමින් එය ආරෝපණය කිරීම සිදුවනු  ඇත. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වන නිසාවෙන්ම ඔබට බැටරිය ආරෝපණය කිරීම පිළිබද සිතීමට පවා අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත්  Logitech Power play Mouse Pad  උපාංගය හා අනුකූල වන මවුස් උපාංග දෙකක් Logitech සමාගම මගින් නිෂ්පාදනය කොට ඇත. ඒ Logitech G903 සහ Logitech G703 යන Mouse දෙවර්ගයයි.
                                            පහත තියෙන video ව නරබන්න

 

දැනට මේ උපාංගයේ මිල පිළිබද සැලකූ විට ඇමරිකන් ඩොලර් 100 පමණ වෙයි. මේ පිළිබද වැඩිවිස්තර හා ඇනවුම් කිරීමට අවශ්‍යනම් මෙතනින් ආයතනයේ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න. 

Facebook Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: