අකිල ධනංජය ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වේ.

මේ වෙනකොට පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට නැවතත් චෝදනා එල්ල වු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඊයේ පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි බලා පිටවත්ව ගොස් තිබෙනවා.
ඔහුට මෙන්ම නවසීලන්ත නායක කේන් විලියම්සන්ට පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ චෝදනා එල්ල වුයේ නවසීලන්තය සමග පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවති පළමු ටෙස්ට් තරගයේදියි.
ඒ අනුව ඔවුන් දෙදෙනාට දින 14ක් තුල පරික්ෂණයකට පෙනී සිටිය යුතු වනවා.
අකිල ඉන්දියාව බලා ගොස් ඇත්තේ අදාළ පරික්ෂණයට මුහුණදීමටයි.
මීට පෙර 2018 වසරේ දෙසැම්බර් මාසයේදි අකිල ධනංජයට පළමුව පන්දුයැවිමේ චෝදනාව එල්ල වු අතර, මෙවර ඔහුගේ ඉරියව්ව නීතිවිරෝධී බව ඔප්පු වුවහොත් වසරක තරග තහනමක් පැනවෙනු ඇති.