• March 28, 2024
  • Last Update March 18, 2024 9:04 AM
  • Sri Lanka

අලුත්ම Microsoft Edge Browser install කරමු.

අලුත්ම Microsoft Edge Browser install කරමු.
Microsoft සමාගම විසින් ඔවුන්ගේ Edge web Browser එක Chromium Open Source Project එක පාදක කරගෙන අලුතින් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.
මේ වන තුරු පරීක්ෂණ මට්ටමේ පැවති මෙම web browser එක ජනවාරි 15 වැනි දින සිට Windows 10 වල 1803 යන build එක සහ ඊට පසුව නිකුත් වන සංස්කණ සහිත Windows 10 Home සහ Pro යන සංස්කරණ භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉතින් Windows update එකක් ලෙස මෙම update එක ක්‍රමයෙන් සෑම Windows 10 පරිගණකයකම ස්ථාපනය වනු ඇති අතර මෙයින් ඉවත් වීමට හැකියාව ලැබෙන්නේ Business users ලා හට පමණක් වන බව ද Microsoft සමාගම පවසනවා.
කොහොම නමුත් අපිට Microsoft Edge web Browser එක නිල වෙබ් අඩවියෙන් ද Download  කර ස්ථාපනය කිරමට හැකියව තිබෙනවා අතර මෙය macOS ,iOS ,Android තුනටම  ඔබට ලබාගත පුළුවනි පහලින් Download කරගන්න 

Download 

Related Articles