අවසන් ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගය අද

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා. ඒ, දිල්ලි නුවර ෆෙරෝෂ් ෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය නිමා වුණේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ඉතිහාසයේ දැවැන්තම පරාජය උරුම කර දෙමින්.

එම නිසා 3 වන ටෙස්ට් තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය තීරණය කරනු ඇති

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග එකට බින්දුවක් ලෙස ඉන්දියාව මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.
එහෙත් වාර්තාවලට අනුව ඉන්දීය කණ්ඩායම වසර 30 කින් මෙම කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ කිසිඳු ටෙස්ට් තරගයක් පරාජය වී නැහැ.

අද තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි පැවසෙන්නේ. ශිකර් දවාන්ට යළි ඉන්දීය කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇති බවටද පැවසෙනවා.

රංගන හේරත් වෙනුවට ලක්‍ෂාන් සඳකැන් හෝ ජෙෆ්රි වැන්ඩර්සේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ඇති. මීට අමතරව ලහිරු තිරිමාන්න වෙනුවට ධනංජය ද සිල්වාත්, සදීර සමරවීක‍්‍රම වෙනුවට රොෂේන් සිල්වාත් කණ්ඩායමට එක්කර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ. ශී‍්‍ර ලංකා වේග පන්දු බලඇණියද වෙනසක් සිදුවනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9ග30 ට ආරම්භවීමට නියමිතයි.