Aluthsl

අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ ( Video )

අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ ( Video )
නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට ” උණ්හීස ” යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ ” උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය ” යනුවෙනි.
” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න “
ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ ” යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ ” රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ ” යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ ” ස්වාමිනී, එසේනම් ගනු මැනවැ ” යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා ” නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ ” යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.
seruwavila aluthsl
                                       සේරුවිල මංගල මහා සෑය
සේරුවිල මංගල මහා සෑය…
එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.

seruwavila aluthsl

බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.
1921 වසරේ දී සුමේධංකර මහා නා හිමියන් වන දුර්ග ජල දුර්ග තරණය කරමින් අති මහත් දුෂ්කර මඟට මෙම පුද බිම සොයා පැමිණෙන විට චෛත්යන තිබී ඇත්තේ අලි කොටි වලසුන් ගහන මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළන් වලට මැදිව පස් ගොඩැල්ලක් ලෙස ය.
බෞද්ධ දානපතියන්ගේ ද සහයෙන් උන්වහන්සේගේ අප්රිතිහත ධෛර්යයෙන් මෙම පස් ගොඩැල්ල මහා සෑයක් ලෙස පුණරුප්පත්තිය ලබන්නේ 1924 වසරේ දී ආරම්භ වී 1930 දී මේ මහා සෑයට කොත් පැළඳවීමෙනි.
සේරුවාවිල පමණක් නොව නැඟෙනහිර පළාතේ බෞද්ධ උරුමය සොයා ගනිමින් අපමණ දුක් ගැහැට මැද එය සුරකින්නට තම ජීවිත කාලයම කැප කළ සේරුවාවිල මංගල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නැඟෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්රවධාන සංඝනායක ශ්රී කල්යාඹණවංශ මහා නිකායේ අනුනායක හිමියන්ගේ නාමයද සේරුවාවිල පුද බිම හා සමව සදාණුස්මරණීය වී පවතිනු ඇත.
1984 වසරේදී සුමේධංකර මහා නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව මෙම ඓතිහාසික රජ මහා විහාරයේ විහාරාධිපතිත්වයට පත්වන්නේ සේරුවිල සරණකිත්ති නාහිමියන් ය. මේ සමයේ දී සේරුවිල පුද බිමට නැවත අඳුරු කාලයක් උදාවන්නේ රුදුරු ත්ර්ස්තවාදී උවදුරු නිසා ය. උතුරේ මෙන්ම නැඟෙනහිර අසරණ මිනිසුන් එකාපිට එකා ඝාතනය වෙද්දී, ඔවුන් ගම් බිම් හැර පලායද්දී සේරුවිල අවටප්‍රදේශයේ අසරණ මිනිසුන්ට පිළිසරණට සිටින්නේ සරණකිත්ති අප නාහිමියන් ය.
සේරුවාවිල පුද බිම මෙන්ම ඒ අවට ගම් බිම්ද සුරැකීමට සරණකිත්ති නා හිමියන්ගෙන් ලැබූ ශක්තිය සුවිශාලය. ඉතා අභීත සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස ප්‍රකට සරණකිත්ති නාහිමියෝ සේරුවාවිල රජ මහා විහාරයේ වත්මන් දියුණුවේ පුරෝගාමියා වෙති.
බෞද්ධ ඉතිහාසය වංශ කතාවේ, සේරුවාවිල රජ මහා විහාරයට හිමිවෙන සුවිශේෂී ස්ථානය මෙන්ම පෙර රාජ රාජ මහාමාත්යා්දීන්ගේ නාමයන් සමගම ශ්රීර සුමේධංකර හා සේරුවිල සරණකිත්ති ඒ මහ සංඝ පීතෘවරයන්ගේ නාමයන් ද සදානුස්මරණී ය.

තව කෙනෙකුට දකින්න share කරන්න.
(උපුටා ගත් ලිපියකි )
 
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0