ඉන්දියානුවන් තරගාවලියට අකමැත්ත ප්‍රකාශ කරයි

 මේ වෙනකොට  පාකිස්ථානය සමඟ ද්වීපාර්ශවික ක්‍රිකට් තරඟාවලියක් නුදුරේදී පැවැත්විය නොහැකි බව ඉන්දියාව අවධාරණය කළා. 

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් එරට පාර්ලිමේන්තු උපදේශක කමිටුවක් ඉදිරියේ ඊයේ (01) කියා සිටියේ දේශ සීමාව හරහා සිදුවන ගැටුම් ඉහළ යාම හේතුවෙන් එවැනි තරඟාවලියක් වෙනත් රටක හෝ පැවැත්විය නොහැකි බවයි. 

වත්මන් වාතාවරණය ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් සබදතාවලට යහපත් නොවන බවත් ඇය අවධාරණය කළා. 

දෙරට අතර ද්වීපාර්ශවික තරඟාවලියක් අවසන් වරට පැවැත්වුණේ 2012 වසරේදීයි. 

ඒ එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ දෙකක් සඳහා පාකිස්ථාන පිල ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදීයි. 

2007 වසරෙන් පසු ඉන්දියාව, පාකිස්ථානයේ ක්‍රිකට් සංචාරයක නිරත වී නැති බවයි වර්තාවෙන්නේ.