ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් තරගය සඳහා ලොව ලාබලතම ටෙස්ට් නායක ආර්චි ෂිලර් තරග බිමේ

ඉන්දියාව සමග අද මෙල්බන් හිදී ආරම්භ වූ 3 වන ටෙස්ට් තරඟය සඳහා අවුරුදු 7ක් වයසැති ආර්චි ෂිලර්  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක ටිම් පේන් සමඟ සම නායකත්වයේ කටයුතු කරනවා.
ඉතා දුර්ලභ ගණයේ හදවත් රෝගයකින් පෙලෙන මෙම සත් හැවිරිදි දරුවාගේ එකම ආශාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරිම බව ඔහු සිය පියාට පවසා තිබෙනවා. මේ බව එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කිරිමෙන් පසු ඔහුට එම අවස්ථාව ලබා දීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුවයි ආර්චි ෂිලර්ට එම අවස්ථාව ලබාදීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවේ.
ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන්ගේ සහයක පන්දු යවන්නා ලෙස ආර්චි ෂිලර් ඉන්දියාවට එරෙහිව අද ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරඟයේ ක්‍රීඩා කරනවා.