නිරෝධායන නීති කඩකිරිම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිඩක සුරේෂ් රයිනා ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇඳිරි නීතිය පනවා තිබියදී නිරෝධායන නීති කඩ කරමින් විවෘත කර තිබූ මුම්බායි ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි සමාජශාලාවක රැදී සිටියදී සුරේෂ් රයිනා සමග ඉන්දීය ගායක ගුරු රන්දාවා සහ බොලිවුඞ් නිලි සුසෑන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මුම්බායි පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ නිරෝධායන නීතී උල්ලංඝනය කළ බවට සඳහන් කරමින්.