ඉන්දීය කාන්තා පිළ ජයග්‍රාහී ඉලක්කය පසු කරයි

ICC කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟය මේ වන විට බෙල්බර්න් හිදී පැවැත්වෙයි.‍ 
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් බිඳ වැටී ලබාගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.
එහිදී චමරි අතපත්තු පන්දු 24කදී ලකුණු 33ක් රැස් කළ අතර, කවීෂා දිල්හාරි පන්දු 16කදී නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
සිය අවසන් ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වන ශෂිකලා සිරිවර්ධන පන්දු 12කදී ලකුණු 13ක් රැස් කළා. ලකුණු 114ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ පන්දු වාර 14යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා.