එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්. බංග්ලාදේශ තරග සංචාරයට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රකාශයට පත්කර ඇති අතර කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්. එම තරග සංචාරයට එක්වන කොදෙව් එක්දින කණ්ඩායමේ නායකත්වයට ජේසන් මොහොමඕ පත්කර තිබෙනවා.