Aluthsl

ඉසුරු උදානට ටයිගස් කණ්ඩායමේ සුවිශේෂී තැනක්

ඉසුරු උදානට ටයිගස් කණ්ඩායමේ සුවිශේෂී තැනක්

අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 26 වනදා අරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වර්තා කරනවා.

ජනවාරි 26 වනදා සිට පෙබරවාරි මස 06 වනදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වෙන අතර තරඟාවලියට තරඟ 29ක් ඇතුළත්.

මෙම තරඟාවලියේ මේ වනවිටත් විශේෂිත ක්‍රීඩකයින් නම් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා   විශේෂිත ක්‍රීඩකයා බවට නම්කර තිබීම විශේෂත්වයක්.

ෂේන් වොට්සන්, ඔයින් මෝර්ගන්, හෂීම් අම්ලා, ක්‍රිස් ලියන්, මොයින් අලී අනෙකුත් විශේෂිත ක්‍රීඩකයින්.

මෙම තරඟාවලිය සඳහා තිසර පෙරේරා, ලසිත් මාලිංග, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, ලහිරු කුමාර වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

banner
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0