Skip to content
එංගලන්ත තුන් ඉරියව් ක්රීඩක මොයින් අලී සියලු ජනතාවගෙන් ඉල්ලීමක්
කොරෝනාවලට එරෙහිව දැනට නිපදවා ඇති එන්නත් ලබාගන්නා ලෙස එංගලන්ත තුන් ඉරියව් ක්රීඩක මොයින් අලී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔහු කියා සිටියේ මේ වනවිට මෙම එන්නත සම්බන්ධයෙන් ජනවර්ග අතර විවිධ මතවාද පවතින බවයි.
එහෙත් කොවිඩ් වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් අනිවාර්යෙන් ලබාගත යුතු බවයි මොයින් අලී කියා සිටියේ.
පසුගියදා ශ්රී ලංකාව සමඟ පැවති තරග සංචාරය මොයින් අලීට අහිමිවූයේ ශ්රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුවයි.
