Aluthsl
  • March 28, 2023
  • Last Update March 17, 2023 12:22 PM
  • Sri Lanka

චීනයේ Video Game තහනම් කෙරේ

චීනයේ Video Game තහනම් කෙරේ
වීඩියෝ ක්‍රීඩා කිරීම සම්බන්දයෙන් විවිද මත හා අදහස් අප තුල තිබෙනවා.
කොහොම නමුත් මේ වෙනකොට චීනයේ ළමයින් සදහා රාත්‍රිය කාලය තුල ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.
චීන රජය විසින් දරුවන්ට තහනම් කාල සීමාවක් තමා.. පනවලා තිබෙන්නේ.අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රිය 10.00 සිට උදැසන 8.00 දක්වා ක්‍රීඩා කිරීම  තහනම් බවද ,දිනකට මිනිත්තු  90 පමණ කාලයක් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දී  ඇති බව පැවසේ  ඒ අනුව සති  අන්තයේ පැය තුනක් සහ පොදු නිවාඩු දිනවලදීද ඔවුන්ට ක්‍රීඩා කල හැකිය.
මෙසේ වීඩියෝ ක්‍රීඩාවලට තහනම් කාල පැනවීමට කටයුතු කර ඇත්තේ චීන ජනපති ෂි ජින්ජින් මහතා විසිනි. මෙම අන්තර්ජාල ක්‍රීඩාවලින් දරුවන්ට දුර නොපෙනීමේ ගැටලුව මතුවූ බව පසුගිය වසරේදී  ද අවධාරණය කළ ජනාදිපති වරයා  වීඩියෝ කර්මාන්තය පාලනය කිරීම සදහා අදාළ  නිරධරින්ව දැනුවත් කර තිබෙනවා.
මේ අනුව ජනාදිපති ගේ ප්‍රකාශය සැලකිල්ලට ගත් චීනයේ  අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ,අන්තර්ජාල ක්‍රීඩා සදහා නව රෙගුලාසි පැනවීමටත්,අලුතින් පැමිණෙන ක්‍රීඩා ප්‍රමාණය  සිමා කිරීමටත් සහ ක්‍රීඩා කරන කාලය අවම කිරීමත් කටයුතු කරන බවයි.
විදෙස් පුවත් වල වාර්තා වී තිබෙන්නේ අන්තර්ජාල ක්‍රීඩා  පණක්  මෙහදී සිමා පනවලා තිබෙන බවයි.
අන්තර්ජාල ක්‍රීඩා සදහා ඇතුලත් වීමේදී දරුවන්ට තම සත්‍ය නමෙන් පෙනී සිටිය යුතු වේ.

Related Articles