Aluthsl
  • September 17, 2021
  • Last Update September 12, 2021 10:28 AM
  • Sri Lanka

ඩෙල්ටා සියයට 100කින් වේගවත් වෙලා

ඩෙල්ටා සියයට 100කින් වේගවත් වෙලා

ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව වෛද්‍යවරු පවසති.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියේ, උගුරේ වෛරස ප්‍රමාණය වැඩි වන විට වාතයට වෛරසය වැඩි වශයෙන් එකතු වන බවය.

“අපි මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා පීසීආර් කියලා. මේකෙ දී CT අගය කියලා එකක් ගන්නවා. අපි උගුරේ සෙම ගත්තාට පස්සේ 40 වතාවක් රත් කරනවා. ඒ 40 වතාවේ දී මේ වෛරසය හමුවුණේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට වෛරසය ආසාදනය වෙලා නෑ කියලා. අපි මුල අවස්ථාවේ දී අපි මේ වෛරසය එන කොට 32 – 33 වතාවක් වගේ මේක වර්ධනය කරාම තමයා වෛරසය හමුවුණේ. දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 වතාවක් මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකිනවා. පසුගිය මාර්තු මාසයේ පමණ වෙනවිට සාමාන්‍යයෙන් 15 පාරක් පමණ 15 -12 වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවුණා. පසුගිය දින කිහිපය වන විට උගුරෙන් ගත්ත සෙම එක්වරක් වර්ධනය කළ විට වෛරසය දකින්න පුළුවන්. කෙල බිඳිති මඟින් ප්‍රචාරය වුවත් උගුරේ තිබෙන වෛරස ප්‍රමාණය වැඩිවෙන විට එය බිඳිතිවලට යනවාට අමතරව වාතයට එකතු වේ.”

teddy-bears-l Sri Lanka price

මේ අතර කළුතර නාගොඩ මහ රෝහලේ මියගිය කොවිඩ් රෝගීන්ගේ මෘත දේහ 14 ක් ඊයේ (08) රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ආදාහනගාර කිහිපයකදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

 

ඒ, දිස්ත්‍රික්කයේ පැය 24 පුරා ආදාහනාගර විවෘතව තැබීමට ගත් තීරණයත් සමඟය.

කෙසේවෙතත් එක් මෘතදේහයක් ආදාහනය කිරීමෙන් පසු ආදාහනාගාර සිසිල් වීමට පැය 2 පමණ කාලයක් කාලය අවශ්‍ය වීම හේතුවෙන් කඩිනමින් මෘතදේහ ආදාහනය කිරීම ගැටලු සහගත වී තිබේ.

මේ හේතුවෙන් ආදාහනාගාරයේ සේවකයින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් උද්ගතව ඇත.

එමෙන්ම මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ මංගල උත්සවයකින් පසුගියදා ආසාදිතයින් වාර්තා වූ අතර එම ගණන මේ වනවිට 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මොනරාගල කොළොන්වින්න ප්‍රදේශයේ මංගල උත්සවයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණනත් 35 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකින් හඳුනාගත් ආසාදිතයින් ගණන 33කි.

 

 

උපුටා ගැනීම දෙරණ පුවත්

Related Articles