ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට හෙට දිනයේ දකුණු අප්‍රිකාව සමඟ ගැටෙයි

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට හෙට  දිනයේ දකුණු අප්‍රිකාව සමඟ ගැටෙයි
banner

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල අතර හෙට (19) පැවැත්වේ.

තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මූලික වටයේදී එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් අනතුරුව තරගාවලියේ සංවිධාකයන් විසින් ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කරමින් ඉන්දීය ලෙජන්ඩ් පිලට එහි පළමු ස්ථානය හිමි කර දුන්නේය.

ඒ අනුව දෙවැනි ස්ථානයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල හෙට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන දකුණු අප්‍රිකාව සමඟින් දෙවැනි අවසන් පූර්ව තරගයට මුහුණ දෙනු ඇත.

ඉන්දීය පිල මෙන්ම ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කළ තරග 6න් 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 20 බැගින් හිමි කර ගැනීමට සමත් විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්‍රී ලංකාවට +1.771ක් හිමිව ඇති අතර, ඉන්දියාවට හිමිව ඇත්තේ +1.733ක් පමණි. කෙසේ වෙතත් ඉන්දීය පිල ශ්‍රී ලංකා පසු කර ඉදිරියට ගොස් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් තරගාවලි සංවිධායකයන් සඳහන් කර ඇත්තේ මූලික වටයේදී ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජය වීම මත ඉන්දීයාවට පෙරමුණ හිමිව ඇති බවයි.

එහෙත් තරගාවලිය ආරම්භයේදී එවන් අදහසක් පළ වී නොතිබීම විශේෂත්වයකි.

මේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල අතර, ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

IDM- buy aluthsl

තරගාවලියේ අවසන් තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් යන ලැයිස්තු ද්විත්වයේම පෙරමුණ ගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත්ව තිබීම කැපී පෙනෙන සිදු වීමකි.

ඔහු තරග 6කදී අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 232ක් රැස් කර ඇති අතර, දෙවැනි තැන පසුවන දකුණු අප්‍රිකාවේ ඇන්ඩෘ පුටික් සහ උපුල් තරංග (තෙවැනියා) තරග 4කදී ලකුණු 185 බැගින් රැස් කර තිබේ.

තරගාවලියේ හොඳම ඉනිම (99) ද ශ්‍රී ලංකාවේ උපුල් තරංගගේ නම ඉදිරියේ සටහන්ව තිබේ.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් කඩුලු 12ක් බිඳ දමා ඇත්තේ ලකුණු 6කට කඩුලු 4ක් ලෙස හොඳම පන්දු යැවීමක් ද සටහන් කරමිනි. එය මේ තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමද වෙයි.

banner
administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

0