බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රීලංකා සංචාරය අවලංගු කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පවතින ආරක්ෂක වාතාවරණය හේතුවෙන් අවලංගු කිරීමට සිදුවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පවසනවා.
බංග්ලාදේශ ක්‍රිකට් පිල එක්දින තරග 3 ක් සඳහා ලබන ජූලි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.
එමෙන්ම බංග්ලාදේශ ඒ කණ්ඩායමද ලබන සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් චාරිකාවක නිරතවීමට නියමිතව තිබූ බව සඳහන්.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් කියා සිටියේ මෙරට ආරක්ෂක වාතාවරණය පිළිබඳව අවධානයෙන් සිටින අතර, නුදුරු අනාගතයේදී ක්‍රිකට් සංචාර සිදුකිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.