ලසිත් මාලිංග එක්දින තරඟ බිමේ පිහිටුවා තිබූ වාර්තාවක් පන්දු වාර විස්සයි විස්ස තරඟයකදී සම කිරීමට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ඊයේ සමත්වුණා.
ඒ, අයර්ලන්තයට එරෙහිව පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේදියි.
අයර්ලන්ත ඉනිමේ 16 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී රෂීඩ් ඛාන් කඩුල්ලක් දවාගත් අතර අනතුරුව 18 වන පන්දුවාරයේ පළමු පන්දු තුනේදි කඩුලු ත්රිත්වයක් ලබා ගනිමින් පන්දු 04කදි අඛණ්ඩව කඩුලු 04ක් ලබා ගැනීමට සමත් වුණා.