මිතුරන් වෙනුවෙන් සැමවිටම කැපවී සිටින – pooh

අද අපි කියන්න හදන්නේ මිතුරන් වෙනුවෙන් සැමවිටම කැපවී සිටින පුංචි වලස් පැටවෙක් ගැන මෙයා ගේ නම තමා අපි කවුරුත්පු දන්න පූ.. ( pooh)

ලොව පුරා කාගෙත් ආදරය දිනු pooh වලසා ඉපදුනේ A.A.Milne විසින් රචිත When we were very young ග්‍රන්ථය තුළින්, එඩ්වඩ් කියන නමින්.

ඉතින් මේ සුරගන ලොවට පා තැබූ  pooh වලසා මේ වෙනකොට සිය අනු හතර වන වියයි.

A.A.Milne ගේ පුතා වූ  Christopher Robin Miline ගේ සෙල්ලම්  භාණ්ඩ අතර වූ වලස් පැටවා , උෟරු පැටවා , කැන්ගරු පැටවා, 

කොටි පැටවා හා බුරු පැටියා යන චරිත දුටු මිල්න් ඒ චරිත යොදා ගනිමින් නිමැවූ කාටුනයක් ලෙස Winnie the pooh දැක්විය   හැකියි.

ඔහු තම පුතා වු රෝබින්වද ඔහු මෙම කතාවේ චරිතයක් බවට පත් කරන ලදී. මේ රොබින් නිතර සත්ව උද්‍යානය නැරඹීමට ගිය අතර එහි සිටි වලසාගේ නම අනුව තම සෙල්ලම් වලසාගේ ද නම

වෙනස් කිරීමට ඔහුට සිත් වු අතර එඩ්වඩ් නම් වලසාගේ නම විනී බවට පත් වුයේ එලෙසිනි.

 

Pooh and friends

 

ඉන් අනතුරුව තමයි පූ වලසා නම් කාටූන් චරිතයේ අයිතිය 1966 වසරේදී වෝල්ට් ඩිස්නි සමාගමට හිමි වෙන්නේ. 

පූ වලසාගේ ප්‍රසිද්ධත්වයේ හැරවුම් ලක්ෂය වුනේ එයයි. 

එතැන් පටන් ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත් මිතුරන් වෙනුවෙන් සැමවිටම කැපවී සිටින පුංචි වලස් පැටවෙක් විදිහට ලොව පුරා සුරඟන ලෝකයේ Winnie the pooh ප්‍රසිද්ධ වුනා. 

ඉතින් ඒ කාටූන් ලෝකේ ඉන්න පුංචි වලස් පැටියා වගේ ඔයාලත් හැමදාම හැමෝටම උදව් කරන් ඉන්න පුරුදු වෙන්න. එහෙම කරොත් ඔයාලා හැමෝටම හැමෝගෙම ආදරය ගෞරවය දිනාගෙන ජීවත් වෙන්න පුළුවන්. 

[caption id="attachment_1940" align="alignnone" width="243"]Christopher Robin Milne. Christopher Robin Milne.[/caption] [caption id="attachment_1939" align="alignnone" width="220"]A.A. Milne A.A. Milne[/caption]

 

තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න.