මොකද්ද මේ Black Friday කියන්නේ “කළු සිකුරාදා”

ඔබ මේ වෙනකොට කළු සිකුරාදා හෙවත් Black Friday  ගැන අහලා තිබෙනවද ?

සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන සතියේ එන සිකුරාදා දිනය කළු සිකුරාදා ලෙස හඳුන්වනවා.

ඉතින් ඒ කළු සිකුරාදා දිනය Black Friday හෙවත් දිනය 23 දින යෙදී තිබුණි .

මේ වෙනකොට ලෝකය පුරා ඇති උත්කර්ෂවත් ව පැවැත්වෙන Black Friday දිනය අපේ රටෙත් මේ වෙනකොටත් දැකගන්න ඔබට පුළුවන්.

ඇත්තටම මොකද මේ කළු සිකුරාදා කියන්නේ ?

ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් විසින් නත්තල හා එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳ සාප්පු සවාරි පටන් ගන්නා මුල් දවස.

එසේ  නැත්නම් ඒ රටවල නත්තල් හා අලුත් අවුරුදු කාලේ සඳහා ජනතාව Shopping යන්න පොළඹවා ගන්නා දවස තමයි Black Friday  කියන්නේ.   

මේ දවසේ දී අවුරුද්දේ වෙන කිසිම දවසකවත් ලබා නොදුන් අන්දමේ වෙළඳ වට්ටම් ලබා දෙන්න එහෙම නැත්නම්, අදහාගත නොහැකි Discount ලබා දෙන්න බොහෝ වෙළඳ සමාගම් විසින් කටයුතු කරනවා.

මුල් කාලයේ දී කළු සිකුරාදා දිනය වෙනුවෙන් වෙළඳ ආයතන අඩු ප්‍රමාණයක් වට්ටම් ලබා දුන්න අද වන විට ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සමාගම් තම නිෂ්පාදන වෙනුවෙන් පාරිභෝගිකයන් නොසිතන අන්දමේ වෙළඳ වට්ටම් ලබා දීමට කළු සිකුරාදා දිනයේ දී සැදී පැහැදී සිටිනවා.

මුලින් ම Black Friday ආරම්භ වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙදී එනම් 1952 දී 

සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන බ්‍රහස්පතින්දා ඇමෙරිකානුවන් විසින් හඳුන්වන්නේ Thanksgiving Day ලෙසයි. 

ආදී කාලයේ සිට ඔවුන් ඒ දිනය සමරනු ලබන්නේ වසරේ අස්වනු නෙලා ගැනීමේ ප්‍රීතිය සැමරීම සඳහා යි.

එම බ්‍රහස්පතින්දා දිනය ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක් වන අතර, ඊට පසු දා යෙදෙන සිකුරාදා දිනය ඔවුන් විසින් කළු සිකුරාදා ව ලෙස හඳුන්වනවා. ඇමෙරිකානුවන්ගේ නිවාඩු දිනයක් ලෙස මෙය නොසලකන නමුත්, එරට ප්‍රාන්ත කිහිපයක රජයන් එම ප්‍රාන්තවල නිවාඩු දිනයක් ලෙස මෙදින නම් කර තිබෙනවා.  නමුත් එය ඇමෙරිකාව තුළත්, ඉන් පිටත රටවලත් වඩා ජනප්‍රියත්වයට පත්වන්නේ මීට වර්ෂ කිහිපයකට පෙර සිට යි.

Black Friday කියලා  නම වැටුනේ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට

ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වෙන නිසයි.

ඉතින් මේ කරදරකාරී සිකුරාදා දිනය අඳුරු සිකුරාදාවක් ලෙස ආරක්ෂක අංශ විසින් නම් කර තිබෙනවා. 

balck friday

මේ වන විට කළු සිකුරාදා සංකල්පය ඇමෙරිකාවෙන් එපිටට වර්ධනය වී ගොස් තිබෙනු දකින්නට ලැබෙන අතර බ්‍රිතාන්‍ය,

ඔස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, හා ස්වීඩනය මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක ඉතා ජනප්‍රිය යි. එම රටවල පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙළඳ

සමාගම් මේ සඳහා අධික මුදලක් දරා ප්‍රචාරණ කටයුතු මෙහෙය වන අතර බොහෝ වෙළඳ සැල් සිකුරාදා දින එළඹෙන මධ්‍යම රාත්‍රියේ දී ම පර්භෝගිකයන් සඳහා විවෘත වෙනවා.

2008,2010,2011,2012,2016 යන වර්ෂ වල Black Friday දින රණ්ඩු සරුවල් වෙඩි තැබීම ප්‍රහාර එල්ල කිරීම්  මරණ වැනි දේ වාර්තා වෙලා තිබෙනවා.

ඉතින් දැන් Black Friday එහෙමත් නැතිනම් කළු සිකුරාදා කියන්න මොකද කියලා ඔයාලට පැහැදිලි ඇති.