ලංකාවත් ඉන්දියාවත් යා කළ ආදම්ගේ පාලම ( Adam’s Bridge)

ලංකා ඉතිහාසය ගත්විට හරි අපුරු සිදුවීම් තිබෙන ඉතිහාසයක්. ඉතින්  ඉතිහාසයේ දිහා හැරී බලනකොට පාලමක් ගැන මුලින්ම සදහන් වෙන්නේ ලංකාවේ මන්නාරම හා  ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශය යා කරමින් පැවතී  බව සදහන් වන පාලමයි. මෙහි දිග කී.මී 30  වන අතර  මෙය  ” ආදම්ගේ පාලම” ලෙසින්ද හදුන්වන ලබනවා.

රාමායන මහා  කාව්‍්‍යයේ සදහන් වන පරිදි රාම කුමරුගේ  බිරිය වූ සීතා දේවිය රාවණා රජු විසින් පැහැර ගෙනවිත් ලංකාවේ සගවා තබන ලදී. ඒ විට  රාම කුමරු  සීතාදේවිය සොයා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇත්තේ මෙම පාලමෙනි. 

කෙසේ  නමුත්  ආදම්ගේ පාලම යනුවෙන් අදහස්  කරනුවේ ලෝකයේ කොහේ හෝ සිට ආදම් සහ ඒව ඔවුන් පැමිණි ඔරුව කැඩීම නිසා ඔවුන් මෙම පාලම ඔස්සේ ලංකාවට ආ බවත්  පැවසෙන නිසා  ආදම්ගේ පාලම ලෙස නම් කෙරුණු බවයි  පුරාවෘත්තයයි. හැබැයි මේ ලිපිය ලියන මට නම්  ඉතින් ආදම් සහ ඒව  ගේ පුරාවෘත්තිය ටිකක් විශ්වාස කරන්න අමාරුයි😊. ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි එය ‘මුහුදේ ඇති පාලම’ ලෙස හඳුන්වා තිබේ. 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි. පුරාණ ඉස්ලාමික ග‍්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ ලෙසිනි. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන හෙයින් රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳින්වේ.   

History of Adams Bridge or Ramsetu

වර්ෂ 1480 දී හටගත් දරුණු සුළි සුළඟකට මේ රාමාගේ පාලම ගොදුරු වූ බවද ඉතිහාසයේ සඳහන්ය. අන්න ඒ සුළිසුළඟට මේ රාමාගේ පාලම කැඞී බිඳී විනාශ වී ගොස් තිබේනවා. මේ බව භූ විද්‍යාඥ ඇලන් ලෙස්‌ටර් විසින් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30 ක්‌ වූ වැලිතලාවේ විශාල ගල් දැමීමට ක්‍රියා කර ඇති බව සනාථ වන බවද එම ගල් වසර 7000 ක්‌ පැරණි බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ  වෙතත්  ආදම්ගේ පාලම ගැන පසුගිය කාලය තුළ විවිධ ජනප්‍රවාද ප්‍රකාශයට පත් වී තිබූ අතර ඒත් තමිල්නාඩු ජනප්‍රවාදය දැක්‌වූයේ එය හනුමා විසින් ඉදි කළ බව යන්නයි.History of Adams Bridge or Ramsetu

මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප‍්‍රථමයෙන්ම හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි. එහි එය හැඳින්වෙන්නේ ‘රාමා සේතු’ නොහොත් ‘රාමාගේ පාලම’ යන නමිනි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය ‘සේතුබන්ධනම්’ ලෙස නම් කර තිබේ. මෙම ප‍්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘සේතු සමුද්‍රම්’ නමිනි. එහි අරුත ‘පාලමක් සහිත මුහුදු ප‍්‍රදේශය’ යන්නයි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි. ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප‍්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. තවත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප‍්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ   රාමේස්වරම්හිය. මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප‍්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යනුවේන්,

ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබේ. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප‍්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.

 ඉතින් විද්‍යාඥයන්ගේ නව මතයන් සත්‍යයක් නම්  සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත. 😊 

Adams_bridge_mapAdamsBridge