ලංකා කන්ඩායමට අලුත් නායකයෙක්

ඉන්දියාව සමග ආරම්භවීමට නියමිත එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියන් හීදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිවනු ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද පස්වරුවේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළේ.

කණ්ඩායමේ මෙතෙක් නිත්‍ය නායකයා ලෙස කටයුතු කළේ උපුල් තරංගයි.

කෙසේ වෙතත් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සැළකිය යුතු දක්ෂතා දැක්වීමට මෙම වසරේදී සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මීට සුථ මොහොතකට පෙර පත් කර තිබෙනවා.

ඒ අනුව 2017 වසර තුළ එක්දින නායකත්වයට පත් 05 වැනි ක්‍රීඩකයා තිසර වෙනු ඇති.

Sri Lanka’s ODI Captain in 2017:

1. Angelo Matthews

2. Chamara Kapugedra

3. Lasith Malinga

4. Upul Tharanga

5. Thisara Perera

ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන 10 ආරම්භ වීමට නියමිතයි.