ලකුණු 387 ඉලක්කයක්

ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් අද පැවැත්වෙන අතර එංගලන්තය සහ බංග්ලාදේශය අතර, තරගය පැවැත්වෙන්නේ කාඩිෆ් හිදීයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියා.
මේ අතර, ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරඟයේ පළමුව පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ කඩුලූ 4  ක් දැවී ලකුණු 70 ක් ලබා සිටිනවා.