Other Style ලුණු භාවිතය අතිශයෙන් ඉහළයි දරුවන් අවදානමේ November 24, 2018 admin@wordpress 71 Views 0 Comments Disease Control, education, other, ලුණු පරිභෝජනය ඉහළ යාම, ලුණු වැඩියෙන් අනුභව කිරීම මේ වෙනකොට වයස අවුරුදු 6 හා 18 අතර දරුවන්ගේ ලුණු භාවිතය අතිශයෙන් ඉහල ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ගෙන තියෙනවා. ලුණු පරිභෝජනය ඉහළ යාම නිසා හෘදයාබධ හා වෙනත් රෝග ඉහළ යමින් පවතින අතර කුඩා දරුවන්ද ලුණු වැඩියෙන් අනුභව කිරීමෙන් ඉහත රෝග වලට ගොදුරු වීමේ අවධානමක් පවතින බව එම අධ්‍යයනයෙන් තව දුරටත් පෙන්වා දෙනවා. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ America වල Disease Control මධ්‍යස්ථානයේ ආචාර්ය Zerlees Squader මහතා විසිනි. එමෙන්ම මීට අදාල තොරතුරු Academy of Nutrition නම් journal එකේ අලුත්ම කලාපයේ පල වෙලා තියෙනවා. මේ සඳහා වයස අවුරුදු 6 හා 18 අතර ඇමරිකානු දරුවන් 2142 කගෙන් දත්ත රැස් කර ඇති අතර එයින් පෙනී ගියේ එම දරුවන්ගෙන් 90% ට වැඩි පිරිසක් දිනකට ගතයුතු ලුණු ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කරන බවයි. දිනකට දරුවෙකුට ලුණු මිලි ග්‍රෑම් 1900 සිට 2300 දක්වා විහිදෙනවා.එහෙත් දරුවන් ගන්නා ලුණු ප්‍රමාණය මධ්‍යස්ථ අගය දිනකට මිලිග්‍රෑම් 3256 ද ඉක්මවනවා. පර්යේෂකයන් පෙන්නවා දෙන්නේ මෙම තත්වය අතිශය අවදානම් බවයි. මෙම අධ්‍යයනයෙන් ස්නැක් කෑම වර්ග හා ප්‍රධාන කෑම වර්ගවලින් දරුවන්ගේ සිරුරට අහිතකර ප්‍රමාණ වලින් ලුණු එක්වන බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙනවා. Post Views: 120