ලොව විශාලතම කොරල් පරය

ඔබ දන්නවා ඇති මේ වෙනකොට ලෝක උරුම ඝණයට පත්ව ඇති කොරල් පර යොමු වෙලා තිබෙනවා.

කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය‍ නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ.

ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ

  • මහා බාධක පරය – ලෝකයේ විශාලතම කොරල් පර පද්ධතිය , ඕස්ට්‍රේලියාවේ , ක්වීන්ස්ලන්තය
  • බෙලිස් බාධක පරය – ලෝකයේ දෙවන විශාලතම කොරල් පර පද්ධතිය , මෙක්සිකෝහි දකුණු ක්වින්ටානාරෝ සිට පැතිරෙන මෙම පරය බෙලිස් වෙරළ තීරය දිගේ පහළට හොන්ඩ්‍යුරාස් දුපත දක්වා පැතිරේ.
  • රතු මුහුදේ කොරල් පරය – ඊජිප්තු වෙරළ තීරයෙන් එපිට සිට සවුදි අරාබිය දක්වා
  • පුලී රිජ් – ගැඹුරුම , ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන කොරල් පරය, ෆ්ලොරිඩා
  • නව කැල්ඩේනියා බාධක පරය – ලෝකයේ දෙවන විශාලතම ද්විත්ව බාධක පරය වන මෙය කිලෝ මීටර් 1500 පමණ දිග වේ.

ඉතින් අද ඔබට කියන්න හදන්නේ ලොව විශාලතම කොරල් පරය  පිළිබද, මෙය පිහිට තිබෙන්නේ Australia Queensland ආශ්‍රිත වෙරළ තීරයේ පිහිටා තිබෙන මහා බාධක පරය ලොව  විශාලතම කොරල් පරය ලෙස සැලකේ. තනි කොරල්පර  2900 කින්ද  දුපත් 900 කින්ද යුත් මහා බාධක පරය කොරල් මුහුදේ කිලෝමීටර්  2300 ක් දුරට විහිදී පවතී.

මෙය ජීවීන් විසින් තැනු ලොව විශාලතම තනි  ආකෘතියක් වේ . බිලියන ගණනක්  වූ  බුහුබාවන්ගේ වසර  මිලියන ගණනක ප්‍රතිපලයක් වූ මහා බාධක පරය 1981  දී UNESCO World Heritage Site inscription  විසින් ලෝක උරුමකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

මේ වන විට දේශගුණ විපර්යාස හේතුවෙන්  මේ වන විට  දැඩි තර්ජනයක් ලක්ව තිබුනත්  ලොව පුරා  සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ස්ථානයක්  ලෙස අපට මහා බාධක පරය සැලකිය හැකිය.

The-Great-Barrier-Reef-Australia -aluthsl

මෙහි විශේෂ  තල්මසුන්, ඩොල්පින් 30 ප පමණද , මත්ස්‍ය විශේෂ  1500 කට  වැඩි ප්‍රමාණයක්ද වාසය කරයි.   මහා බාධක පර පහිටි  උණුසුම් ජලය සහිත  සාගරයේ මුහුදු සර්ප  විශේෂ  17 පමණද  දක්නට ලැබේ. මේ මහා බාධකය තුල අවේනික සත්ත්ව විශේෂ හා තර්ජනයට ලක්ව සිටින සත්ත්වයන්ද මේ පරිසරය තුළ ජිවත් වෙති.

මේ අතර මෙහි වාසයට කරන මොලුස්කා විශේෂය ප්‍රමාණය 4000ක් පමණ වේ.

කොරල් පර ආශ්‍රිත වෙරළ තීරයට යාබදව පිහිටි කලපු සහ කඩොලාන බිම්  තුළ කරදිය ‌කිබුලන් දකින්නට ලැබේ. එමෙන්ම පක්ෂි විශේෂ 215මේ ආශ්‍රිතව ජිවත් වෙන අතර මුහුදු පක්ෂි 22ක් සහ වෙරළාශ්‍රිත පක්ෂී විශේෂ 32 අයත් තවද සංක්‍රමණි පක්ෂින්ද මේ බිමට පැමිණෙන අතර ඒ අනුව පක්ෂීන් මිලියන 1.4ත් 1.7 අතර ප්‍රමාණයක් මේ කලාපයා අභිජනන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිති.

මහා බාධක පරයේ ඇති දුපත්වල ශාක විශේෂ 2195 අපට දැකගන්නට පුළුවනි.

ඉහත කි පරිදි මහා බාධක පරයට එල්ල වී ඇති විශාලතම තර්ජනය වනුවේ දේශගුණික විපර්යාසයි.මේ  හේතුවෙන් කොරල් පර විලින වීමේ අවදානමයි. වර්ෂ 1998 ,2002 සහ 2006 ශ්‍රීෂමයේදී සිදුවූ උෂ්ණත්වය වෙනස මේ කොරල් පද්ධතියට  අහිතකර බලපෑම් එල්ල කළ බව මහා බාධක පර සාගරික උද්‍යාන අධිකාරිය පවසයි.

මේ හැරුණු විට මහා බාධක පරයට තර්ජනය එල්ලවනුවේ ජල දුෂණය මගිනි.

වර්ෂ 1768 දී ලුවිස්  ඩි බොගන්විලි විසින් ගවේෂණයක් අතරතුරදී  මෙම මහා බාධක පරය සොයා ගන්නා ලදී.

ඉතින් මේ ලිපිය ලියන මා හිතනවා  ඔබ යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියා. ඔබේ අදහස් පහළ Comment කරන්න