ලොව වේගවත්ම Ferrari FXX-K කාරය ( Video )

ලොව  මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Ferrari සමාගම  නව කාරයක් නිර්මාණය කර තිබෙනවා මෙය දැනට ප්‍රහාරක ජෙට් යානාවකට වඩා වේගවත් බවයි Ferrari සමාගම පවසන්නේ.ඔවුන් පවසන අන්දමට බ්‍රිතාන‍‌්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් පරිහරණය කරන ලද ප්‍රහාරක ජෙට් යානයකටත් වඩා වේගවත් බවයි.මෙය නම් කර තිබෙන්නේ Ferrari FXX-K  යනුවෙන්. දැනට මෙම කාරය යුරෝපයේ මහාද්විපයේදී  මිලට ගැනීමට නම්  අවම පවුම් මිලියන 3ක්  හෙවත් ආසන්න වශයෙන් කොටි 62 ක මුදලක් ගෙවීමට වන අතර එය Ferrari සමාගමේ දැනට පවතින Formula වන් තරම් කාරය බලසම්පන්න වේ.

නවතම කාරය Ferrari සමාගම දැනටමත් වෙළද පොලට හදුන්වා දී ඇත.FXX-K කාරයේ නවතම සංස්කරණය මෙය වන අතර,FXX-K හයිපර්කාරය  ධාවනය කළ හැක්කේ මෝටර් රථ ධාවන පථයකදී පමණක් වීම විශේෂත්වයකි. මෙම නවතම කාර් රථය ලීටර් 6.3  v12 එන්ජිමකින් බලගැන්වෙන අතර,එය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෙටල් සහ විදුලි බලය යොදා ගැනෙන චාලක බලශක්ති ප්‍රතිසාධන පද්ධති යෙන් මෙය Formula වන් මෝටර් රථ සදහාම හදුනවාදී ති ක්‍රමයක් වේදයක් වේ.

 මෙහි එන්ජිමෙන් රෝධක අශ්ව බල 1036 ක් ජනනය වන අතර, එය 2017 Formula වන් තරග වාරයේදී සෙබස්තියන් වෙට්ල් සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන ලුසන් හැමිල්ටන් පසුකර ගියාට වඩා වැඩි බලයකි.

Ferrari සමාගම විසන් FXX-K කාර් 40 වැනි සීමිත සං‌‍ඛ්‍යවක් නිෂ්පාදනය  කර ඇති අතර එය මුදල් තිබුපමණින් මිලිදීගත නොහැක.කාරය අලෙවි කරන්නේ කාටද යන්න Ferrari සමාගම විසින් තීරණය කරන නිසා දැනට FXX-K කාරයක්  පාවිචිචි කරන පුද්ගලයන්ට සහ තවත්  තෝරාගත් පිරිසකට  පණක්  FXX-K  කාරය මිලට ගැනීමට හැකි බව දැනට තොරතුරු වලින් අනාවරණය වේ.

 

 

 

2014-527503-ferrari-fxx-k1

2017-ferrari-fxx-k_FxxkMatblack98-aluthsl