වඳවී ගිය මැමත්ට යලි පණ දෙයි

දැනට ලෝකයෙන් වඳවී ගොස් සිටින සත්වයෙකු ලෙස සැලකෙන මැමත් සත්වයෙකු හට පණ දීම සදහා ලොව ධනවතෙකු බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසියානු ඇතින්නකගේ DNA සහ මැමත්  සිරුරු වලින් වෙන් කරගත් DNA යොදා ගනිමින් කෘතීම ගර්භාෂයක් තුළ සංසේචනය කර හයිබ්‍රිඩ් ඇතෙකු මෙලොවට බිහිකිරීමට බලාපොරොත්තු වන බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වෙනවා.

ග්ලැසියර් ආශ්‍රිතව සොයාගත් මැමත් සිරුරු මගින් DNA වෙන්කර ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් 100,000 ක මුදලක්ද මේ වන විටත් ලබා දී ඇති  බවයි , බිලියනපතියෙකු මෙන්ම “papyal සමාගමේ “නිර්මාතෘ වන “පීටර් තිල්” විසින් සදහන් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

mammoth