ශ්‍රී ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් අවලංගු කිරීම පිළිබඳව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට්, ප්‍රසාදය පළ කර තිබෙනවා.
ටෙස්ට් තරග දෙකකින් යුත් සංචාරය අවලංගු කර එංගලන්ත පිල නැවත නික්මීමට තීරණය කළේ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පුහුණු තරගයක් පැවැත්වෙන අතරතුරයි.
පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතව තිබුණා.
කෙසේ නමුත් එංගලන්ත නායකයා සඳහන් කර ඇත්තේ තරගාවලිය අවලංගු කිරීම කණ්ඩායමට සහනයක් වූ බවයි.