සෞරග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහලෝකයක්

මේ වෙනකොට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට  සමාන ග්‍රහලෝකයක් මේ වෙනකොට නාසා ආයතනයෙන්  සොයාගෙන තිබෙනවා.මෙය ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි. 

ඔවුන් පවසන්නේ මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේම කුඩා ආකෘතියක් ලෙස හැදින්විය හැකි බවයි. තවද සුර්යයාට වඩා විශාල සහා තරමක් වැඩි උෂ්ණත්වයෙන් යුත් කෙප්ලර් – 90 ලෙස නම් තබා ඇති තරුව වටා  ග්‍රහලෝක අටක් පරිභ්‍රමණය වන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

එමෙන්ම නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කල ගවේෂණ වලින් හෙළිවූ කරුණු පදනම් කරගෙන මෙම අණාවරනය සිදුකර ඇත. දැනට සිදුකරන ගවේෂණ මගින් මේ සම්බන්ද තවත් බොහෝ තොරතුරු හෙළිකරගැනීමට හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.

image_fad0376686