හර්බජාන් සිං නැවත ක්‍රීඩා පිටියට

 IPL තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලට නැවතත් සහභාගිවීමේ හැකියාව පවතින බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා.
කෙසේ නමුත්, 2016 වසරේ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියෙන් පසු ඔහු ඉන්දියාව නියෝජනය කර නැහැ.
පසුගිය IPL තරගාවලියේදී හරිබජන් සිං තරඟ 11කදී කඩුලු 16ක් බිද හෙළුවේ ලකුණු 7.09ක සාමාන්‍යයක් පවත්වා ගනිමින්.
39 හැවිරිදි හර්බජාන් සිං, ලසිත් මාලිංග සහ අමිට් මිශ්රාට පසුව වැඩිම IPL  කඩුලු සංඛ්‍යාවක් එනම් කඩුලු 150ක් බිඳ හෙලා ඇති ක්‍රීඩකයෙක්.
0