• April 25, 2024
  • Last Update April 16, 2024 1:31 PM
  • Sri Lanka

ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් Xiaomi සමාගම ඇතුළුව තවත් සමාගම් 8 ක් blacklist කරයි

ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් Xiaomi සමාගම ඇතුළුව තවත් සමාගම් 8 ක් blacklist කරයි

මේ වන විට ලොව විශාලතම smartphone නිෂ්පාදකයින්ගෙ 3 වැනි ස්ථානයේ සිටින Xiaomi සමාගම ඇතුළු තවත් ආයතන 8ක් ද Communist Chinese military companies ලෙස

ඔවුන්ගේ military blacklist එකට එකතු කිරීමට කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක අංශය විසින් වාර්තා කර තිබෙනවා.

Huawei සමාගම, DJI සමාගම වැනි සමාගම් වර්ගීකරණය කර ඇති ඇමෙරිකානු වාණිජ දෙපාර්තමෙන්තුවේ ඇති entity list එක සහ Xiaomi සමාගම වර්ගීකරණය කර ඇති military blacklist එකෙහි ඇති ආයතන වලට බලපාන තත්ත්වයන් එකෙිනකට වෙනස් බව දැකගත හැකි වෙනවා.

Entity list එකට අයත් සමාගම් වලට ඇමෙරිකානු තාක්ෂණය භාවිතා කිරීම තහනම් කර ඇති අතර, එම සමාගම් සමඟ ගණුදෙනු කිරීම සහ වෙළඳ කටයුතු සිදු කිරීම ද ඇමෙරිකානු සමාගම් වලට තහනම් කර තිබෙනවා.

කොහොම නමුත් මේ military blacklist එකට අදාල සමාගම් වලට තවදුරටත් ඇමෙරිකානු තාක්ෂණයන් භාවිතා කිරීම සහ ඇමෙරිකානු සමාගම් සමඟ වෙළඳ කටයුතු කිරීමේ හැකියාව පවතින නමුත්, ඇමෙරිකානු සමාගම් වලට Xiaomi සමාගමේ කොටස් මිලදීගැනීමේ හැකියාව ඇතුළු ආයෝජනය කිරීමේ අවස්ථාවන් අහිමි වෙනවා.

idmමේ වන විටත් මෙලෙස ආයෝජනයන් සිදු කර ඇති ඇමෙරිකානු සමාගම් වලට තම ආයෝජනයන් නැවත ලබාගැනීම සඳහා 2021 වර්ෂයේ නොවැම්බර් 11 වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් මූලික ඇමෙරිකානු රජය කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් ඇමෙරිකානු රජය විසින් Xiaomi සමාගම මෙලෙස Communist Chinese military company එකක් ලෙස නම් කිරීමට කටයුතු කලත්, ඒ සඳහා කිසිඳු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කර ‍නොමැති අතර, Xiaomi සමාගම ප්‍රකාශ කරන්නේ තම සමාගම චීන යුධ හමුදාවට අනුබද්ධිත, පාලනය වන හෝ හමුදාවට අයත් සමාගමක් නොවන බවයි.

මේ ආකාරයට සමාගම අසාදු ලේඛන ගත කිරීම සහ ආයෝජන ඉවත් කරගැනීම සඳහා වන නීතී මීට මාස කීපයකට පෙර වත්මන් ඇමරිකානු ජනපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම්පාදනය කල නීතීන්ට අනුව සිදු කර ඇත.

මේ වන විට ඇමරිකානු ජනාධිපතිධූරය සඳහා තේරී පත් වී ඇති Joe Bidenගේ ධූර කාලය 2021 ජනවාරි 20 වන දින සිට ආරම්භ වීමට නියමිත අතර ඔහු විසින් මෙම තහනම් නියෝග සියල්ලම ඉවත් කරගනු ඇතැයි ලෝක ආර්ථික විශේෂ්ඥයන් විසින් මත පල කරනවා.

 

Related Articles